Search This Blog

Pages

Followers

Tuesday, November 26, 2019

පෝලිම් කළමනාකරණය - Queue management system

රාජ්‍ය සේවයේ පාරිභෝගික සේවා සපයන ආණ්ඩුවේ කන්තෝරු වලට ගියවිට ලංකාවේ මිනිසුන්ට සිදුවන අකරතැබ්බ ගැන facebook පොස්ට් කීපයක්ම පසුගිය දිනවල දැක ගන්නට ලැබුණා. කිසිදු කළමණාකාරීත්වයක් නොමැතිව සේවා ලබා ගැනීමට යන මිනිසුන් වේලි වේලි පුටුවල වාඩි වී සිටිද්දී වගේ වගක් නැති රාජ්‍ය සේවකයින්  රාජකාරිය වෙනුවට තමන්ගේ වැඩක් කරමින් මිනිසුන් රස්තියාදු කරන අයුරු ඡායාරූප වීඩියෝ සමගින් එකතු කරන අයුරු දැකගන්නට ලැබුණා.
මෙවැනි තත්ත්වයන් රාජ්‍ය කළමනාකාරීත්වයට ඉතා සුළු වෙනස්කම් කිරීමෙන් නව තාක්ෂණය භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් වෙනස් කළ හැකියි. පැමිණෙන පාරිභෝගිකයන් සඳහා තුණ්ඩු නිකුත් කිරීමේ සිට එහෙම පෝලිම පාලනය කිරීම, සේවා සපයන නිලධාරීන් කළමනාකරණය (Queue management system)එකම යාන්ත්‍රණයකට යටත් කොට නව තාක්ෂණය මගින් සේවා සැපයීම නූතන ලෝකයේ වෙනත් රටවල සාමාන්‍ය දෙයක්. මෙය අපිට උකහා ගැනීමට මහා ලොකු වියදමක් යන වැඩක් නෙවෙයි පාලකයින්ට නුවණ විතරයි අවශ්‍ය. මේ වගේ දේවල් ලියන එක අවුරුදු පහ හයකට ඉස්සෙල්ලා කළත් නවත්වා දැම්මෙ පාලකයින්ට ඒ නුවණ හෝ අවශ්‍යතාවය නොතිබුණු නිසා. අලුතින් පත් වූ ජනාධිපති තුමාට ලංකාව වෙනස් කිරීමේ අවංක චේතනාවක් ඇතැයි සිතන නිසා මේ සටහන ආයේ ලියනවා.
පෝලිම් කළමනාකරණ ක්‍රරමවේදයන්හි සම්භවය ඉතාමත් විද්‍යාත්මකයි. එය වැඩිදුරටත් දැනගන්න කැමති අයට ඒ පිළිබඳ සාරාංශයක් මෙම Queueing theory   විකිපීඩියා ලින්කුව මගින් සොයා ගන්න පුළුවන්. මගේ පාඨකයින්  උදෙසා  මේ වැඩේ වෙන හැටි සරලව පහදන්නම්.
අපි සේවාවක් ලබා ගැනීමට අදාල ආයතනයකට ගිය විට එම ආයතනයේ ඇතුල් වන තැන තමා කරගන්නාව වැඩේට අදාළව ඉලෙක්ට්‍රොනිකව අංකය සහිත තුණ්ඩුවක් ගැනීමට යන්ත්‍රයක් තියෙනවා. ඒකත් අරගෙන ගිහිල්ලා පෝලිමක්ම නෑ තමන්ම කැමති අසුනක  වාඩි වෙන්නයි තියෙන්නෙ. සේවා සපයන  කවුළු හෝ නිලධාරීන් පහක් තියෙනවා යැයි සිතමු ඒ හැම කවුළුවක්ම ඉදිරිපිට  කුඩා ඉලෙක්ට්‍රොනික පුවරුවක පින්තූරයේ දක්වා ඇති පරිදි මේ මොහොතේ සේවය සපයන අංකය දිස්වෙනවා. තමන්ගේ අංකය ආවම අදාල කවුළුවට යන එකයි තියෙන්නේ. නිලධාරියා අර තුණ්ඩුව ලබාගෙන සේවාව සපයනවා.
සියලුම ක්‍රිරියාවලිය පරිගණක වැඩසටහනකින් මෙහෙයවෙනන්නෙ.  ආයතනයේ ප්‍රධානියා ට ඒ ඒ සේවකයා  තමන් සේවය කරපු පැය අට තුළ සේවාව සපයපු වාර ගණන සහ දේවල් පිළිබඳ ඉතා පැහැදිලි නිර්ණායකයක් ඔහු සමාලෝචනයක් ලබා ගන්නත් පුළුවන්. මෙවැනි යාන්ත්‍රණයක් කාර්යාලයක ස්ථාපිත කිරීමට යන මෘදුකාංග සහ දෘඩාංග වියදම එතරම් ලොකු ගානක් නෙවෙයි. 
මේ යුගයේ බොහෝ රටවල මහජන සේවා සපයන කාර්යාලවල මේ ක්‍රමයෙන් තමයි  පාරිභෝගිකයන්ගේ ගලනය කළමනාකරණය කරලා සේවා සපයන්නෙ.
දේවල් වෙනස් කරන්න ඕන මිනිස්සුන්ට බණ කියලා මිනිස්සු හොඳ කරලා මිනිස්සු හදලා නෙමෙයි ඒ  ක්‍රමය හිතා අසාර්ථකයි රජයේ සේවය වැඩි දියුණු කරන්න ඕන සේවකයන්ට වගකීමෙන් පලා යා නොහැකි ලෙස සැකසුණු නීති රීති නව තාක්ෂණය භාවිතා කර නව ක්‍රමවේදයන්ට යටත් කිරීමෙන් මේ සඳහා උදාහරණයකට පැමිණීමේ පිටවීමේ වෙලාව ඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය ගන්න පුළුවන්  මගින් බොහෝ අක්‍රමිකතාවයන් මග හැරිලා යනවා. පාරිභෝගික සේවා සැපයීම සඳහා ර්ථකම ක්‍රමය තමයි මම මේ යෝජනා කරලා තියන ක්‍රමය. සමහර විට පුද්ගලික අංශයේ මේවා දැනටමත් භාවිතා වනවා ඇති.

Wednesday, May 10, 2017

රනිල් පන්නමු

රනිල් වික්‍රමසිංහ උද්දච්ච වලව් මැන්ටලයකි. ඔහු ගෙන් රටට හෝ එජාපය ට මෙලෝ වැඩක් නැති බව ඌම  දන්නේ නැත.
කාලයක්    තිස්සෙ යූ ඇන් පී එකේ උන් මූට තේරුම් කරල දෙන්න දඟලනව ඔහේ පක්ශෙට වඩක් නෑ පක්ශෙට ඔහේගෙං ඇති වැඩකුත් නැ කියල මූට කිසි ක්ලූ එකක් නෑ දන්න ගේම් ඔක්කොම දාල තාම ඉන්නව.

දැන් ඉතින් රටේ ප්‍රශ්නෙත් ඕකම තමයි මූට කොහොමද ඔය සීන් එක තේරුම් කරල දෙන්නෙ මුං තාම හිතං ඉන්නෙ මුන්ගෙ පවුල් වල ඉපදුනාම ලෝයර් කෙනෙක් උනාම රෝයල් එකට ගිහිං තිබ්බම. ඉංග්‍රීසි පොත් පත් ටිකක් කියෙව්වම (ලොකුවට හිතුවට ඉංග්‍රීසියෙන් ටින් ටින් පොත් බලපු නැත්නම් රිඩර්ස් ඩයිජස්ට්  කියවපු අයගෙයි මෙයලගෙයි ඒ තරම් වෙනසක් නෑ) මෙයාල හිතන්මේ ඉන්නේ  රටට කිරුල හිමි මෙයාලට කියල . රටට පක්ශෙට කිරුල හිමි මැන්ටල් හාමු පෙලැන්තිය .

මේ අය  ලංකාවට  කරපු දෙයක් නැත ඉස්සර අර අපි පැරදී අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් ගැහුවේ අන්න ඒ වගේ තමයි මේ අය  ඒ අයගේ කම්මැලි ෂොට් මහත්‍මා ගතිගුණ  අපිට පෙන්න පෙන්න ඉන්නවා. මෙයාලගේ දේශපාලනේ  අපි අවුරුදු 70 ක් විතර අවුවේ කට්ට කාගෙන බලං ඉන්න ටෙස්ට් මැච් එකක් වගේ අපි බලං    ඉන්නවා මෙයාල ගහනවා ආතල් එකට .
මේ රටට කිසිම වෙනසක් දියුණුවක්  නොකරන වලව් මැන්ටල් පවුල් ලංකාවේ දේශපාලනයෙන් අතුගා දමන්නේ කෙසේද?

 ලංකාවෙ ක්‍රිකට් තමයි ආදර්ශයට ගන්න ඕන මේ චක්‍රය බිඳින්න .. ඉස්සර ක්‍රිකට් තිබ්බෙත් මේ විදියටම කොළඹ කිරුල හිමි වැඩ බැරි කුමාරවරුන්ට ගිහින්. රෝයල් හාමුල ක්‍රිකට් ගැහුව ගැහුව මුකුත් උනේ නෑ නේ.
ලංකාවෙ දේශපාලනේට දැන් ඕන සනත් ජයසූරියල පිටින් ඇවිත් පොල් අඩි ගහල දිනල දුන්නෙ අන්න ඒ වගේ වැඩක් ලංකාවෙ දේශපාලනයට ඕන වෙන්නේ .
මේ වැඩේ අසාර්ථක උත්සාහයක තමයි හිටපු මහින්ද මහත්තය කරේ . සම්ප්‍රධායික ක්‍රමයෙන් පිට ගිහින් අවුරුදු 30 ඇදුනු  යුද්දේ දිනලා දුන්නා  ..කොළඹ  නගරය ලස්සන කරගෙන ගියා  පාරවල් හැදුව  කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සුන්ට පිටරටකට ගියා වගේ දැනෙන්න ලංකාව වෙනස් කරගෙන ආව

නමුත් මේක අතරමැද කඩාකප්පල්  උනා . අපි හොයන්න ඕන ඒ ඇයි කියල

මගේ අදහස ඔය පරන හාමු පවුල් රොයල් උන් ට වැඩ බැරි උනත් ශික්ෂණය තිබ්බ (දැන් නං ඒකත් නෑ රෝයල් උනුත් ගහ ගන්නව හොරකං කරනව)
වෙනස් කරන්නා කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට ශික්ෂණය නැත්නම් පීඩිතයා නැත්නම් සම්ප්‍රධාය බිඳගෙන  බලවත් පවුල් ආධිපත්‍ය  බිඳගෙන  ලංකාවේ දේශපාලනයේ ඉහලට එන අලුත්  අය  ශික්ෂණය ඉහෙන ගත යුතුයි කියන එකයි මම කියන්නේ . මෙතෙන්දි මම ආයෙ ක්‍රිකට් උදාහරණයෙන්ම කියන්නම්
 මතකද ක්‍රිකට් වල්දි අර කොළඹ ඉහල පවුල් ආධිපත්‍යය බිඳල පීඩිත පවුල් වල ,එතකොට ගම්වල ඉඳන් කොළඹ  ආධිපත්‍ය  බිඳගෙන සම්ප්‍රධායට පිටින් අමුතු  පිති ප්‍රහාර  අමුතු බෝල දැමිලි දාපු  උන් එන්න ගත්ත කාලෙ අර ක්‍රිකට් වල මහත්මා ගතිය ගිහින් පිටරට ටුවර් ගියාම සුපර් මාකට් වල හොරකං කරන්න බඩු ගහන්න නැත්නම් බොන්න ඔය වගේ වැඩ උනේ..
අන්න ඒ වගේ තමයි  පීඩිතයා වලව් හාමුල එලවලා උඩට ඇවිත් වැඩ දැම්මට වැඩක් නෑ ඌට ශික්ශණය නැත්නම්.
ලංකාවෙ දේශපාලනයට අවශ්‍යත් ඕක.
විමල් වීරවංශ ගෝටා  මහින්ද වගේ වැඩ්ඩො හිටියට වැඩක් නෑ උන් ශික්ෂණය වෙලා නැත්නම් ආයෙ වැටෙනව .
ඉතා කෙටියෙන් කියනවනම් පීඩිතයා ශික්ෂණය වෙන්න ඕන මුලින්. ඊට  පස්සේ රනිල් එලවමු


Saturday, May 6, 2017

මෙඩිකල් කෝඩින් සහ බිල පත් සැකසීමේ වැදගත්කම THE IMPORTANCE OF MEDICAL CODING/BILLING


මේක ෆේස් බුක් එකේ මම දාපු  පැරණි  රංසා ගයක් පලවෙනි පාර මේක දාපු  වෙලාවේ අපේ ඩොක්ටර්ස් යාළුවො කරේ පට්ට කෙබර කියපු එකයි ආණ්ඩුවේ රෝහල වල මේක කරනවා  කියල උඩ  පැන්න එකයි විතරයි . ආයේ එකම දේ  කියන්න එපා මේක  පුද්ගලික අංශයේ  ක්‍රියාත්මක කිරීමයි ඕන ඒවායේ  බිල් සැකසීම සහ රෝග විනිශ්චයේ  අක්‍රකමිකතා වලක්වන්න

අපේ අල්ලපු රටේ ඉඳන් ඇමරිකාව දක්වා බොහෝ රටවල් වල දොස්තරලට සහ පුද්ගලික රෝහල් වලට International Classification of Diseases (ICD) අනුව වැඩ කරන්න වෙනවා රජයේ හෝ පුද්ගලික රෝහල් වල ප්‍රතීකාර කරද්දි මේ IDC -10 ක්‍රමයට රෝගියාගේ විස්තර රෝග විස්තර බිල් සැකසීම දක්වා කල යුතුයි .
දොස්තරලට අපේ රටේ වගේ පිස්සු කෙලින්න බැහැ.
මේ මෙඩිකල් කෝඩින් සිස්ටම් එක ලංකාවට හඳුන්වල ඊට අනුකූලව ලංකවෙ සෞඛ්‍යය සේවයේ රෝග විනිශ්චය පුද්ගලික රෝහල් වල බිල් කැඩීම පරිගණක ගත කිරීම මේ වෙනකොට වෙලා තියෙන්න ඕනැ වැඩක්.
ඇයි මේව අපිට නැත්තෙ. මෙඩිකල් කෝඩින් උගන්වන පාසල් ඉන්දියාවෙ හැම තැනම තියනවා ඇමරිකාවෙ සෞඛ්‍යය සෙවයේ මෙඩිකල් කෝඩින් කරන ඉන්යානුවන් පිරිල අපේ ලමයින්ට මේව හඳුන්වල දුන්නනම් නෙට්වර්ක් හරහා පිටරට වල මෙඩිකල් කෝඩින් සහ බිලින් කරන රැකියා අවස්තා ඔනෑ තරම් තියනව.
ඔය දොස්තර මහත්තුරු පුද්ගලික විශ්ව විද්‍යාල බිල්ල එලව එලව නොඉද කුහක කම අත් ඇරල ලංකාවට idc-10 වත් හඳුන්වල දීලා ඉන්නකො. එතකොට අඩු ගානෙ සයිටම් ද මොකද්ද අයිටම් එක මෙඩිකල් කෝඩින් පාසලක් වත් කරන්න පුලුවන්.

ලංකාවට IDC-10 ගෙනාවොත් දොස්තරලට සහ පුද්ගලික රෝහල් වලට ඕනැ ඕනෑ විදිහට ලෙඩ රෝග ගැන ලෙඩ්ඩු අන්ඳන්න සහදඩ බිල් ගහන්න බැරි වෙනව මේව ගේන්න උනන්දු නැත්තෙ ඒක නිසා නේද?

ලෙඩ්ඩුන්ට පුද්ගලික රෝහල් වල මිල ගණන් නියම කිරීමේදී මේක නැත්නම් අවුල් ජාලයක් ලංකාවේ දොස්තරලා පුද්ගලික රෝහල් එක්ක එකතු වෙලා ලෙඩ්ඩු මරං කන්නේ මේ සිස්ටම් නැති හින්දා

රෝග විනිශ්චයන් IDC -10 අනුව කරලා ඊ ට අනුකුලව රෝගීන්ගේ වාර්තා ප්‍රතිකාර සහ පුද්ගලික රෝහලක් නම් බිල්පත් දක්වා එකාබද්ධව එක පරිගණක සිස්ටම් එකක් යටතේ යන එක තමයි මේකේ අරමුණ.
රෝගියා දොස්තර සහ පුද්ගලික රෝහලේ අදාළ ප්‍රතිකාරයට මුදල්අය කිරීමේ ක්‍රියාවලිය එකතු කරන සමබන්ධ කාරකය තමයි මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක නෑ කියන්නේ ඒ රෝහල මහා අවුල් ජාලයක්කියන එකයි.
රෝහල් වලට මේවා ගෙනාවොත් ම අනවශ්‍ය ප්‍රසිඩියර්ස් කරලා ලෙඩ්ඩුන්ට බිල් ගහන්න බැහැ .
ලංකාවේ ලෙඩ්ඩු තමන්ගේ ලෙඩේ මොකද්ද කරන ප්‍රතිකාරය මොකද්ද කියල ඇයි මේක කරන්නේ දැනුවත් නොකර අඳුරේ තියන්න බැහැ මේවා ආවම එකයි මේවා ගේන්නේ නැත්තේ

දැන් මේ කේස් එකේදී පුද්ගලික රෝහල් මුදලාලිලා සෞක්‍ය ඇමැතිටත් වඩා ඉහලින් ඉන්න ජනාධිපති ටත් වඩා ලොකුයි . මේ කොම්පැනි ඉස්සරහ නම්මෙඩිකල් බෝඩ් ,GMOA  අහිංසක පූස් පැටව් වගේ

Saturday, September 17, 2016

නියාමනය

යම් ගැටළුවකදී එකිනෙකා  ගේ  ලෝක  දක්මවල්  වෙනස්ය . නිවහල්පු  පුද්ගලයාට   නිදහස්  වෙළඳපොලේ  තෝරා  ගැනීමට  ඇති  නිදහස  කෙතරම්  දුරකට රජය  නියාමනය  කළ  යුතුද  යනුවෙන්  ඇසිය  හැකි  ප්‍රශ්නය  වෙනත්  ලෝක  දැක්මක්  යටතේ  ඇසෙන්නේ   රාජ්‍ය  විසින් දෙන ලද  තත්වයක්  ලෙස නියාමනය   කරන  ලද වෙළඳපොල  කෙතරම්  දුරකට  නිදහස්  කරන්නේද  යන්නයි.

පුදගලයාගේ  නිදහස  නිවහල් බව  අගයන  මම   නිදහස  නිවහල්  බව  සාමාන්‍ය  තත්වය  ලෙසත්  යම්  තරමකට  අවශ්‍ය ලෙස  නියාමනය  කල  යුතු  තැන් අවශ්‍ය  තරමට  යුක්ති සහගත  ලෙස පමණක්  නියාමනය කිරීම පමණක් බලාපොරොත්තු  වන්නෙක්මි .
වහල්බව  හා  තහනම  ප්‍රවර්ධනය කරන්නන්  තහනම  සාමාන්‍ය  තත්වය  ලෙස  ගන්නා  අතර  ඔවුන්ගේ  ගටලුව ඉන්  නිදහස  දිය  යුත්තේ  මොනවාදැයි අප වෙනුවෙන්  තෝරා  කෙතරම් දුරකට අපිට නිදහස දෙන්නේද  යන්නයි..

 දැඩි  මතදාරී  ආන්තික  ලිබටේරියන්  වරු  අතලොස්සක්  හැරුණු  කොට  ලොව  සියලු  දෙනාම  යම්  තරමක  රාජ්‍ය  මැදිහත්  වීමක්  ඉල්ලා  සිටින  අතර සියලු  ලිබටේරියන්  වරු  වනචාරී  නිදහස්  සමාජයක්  ඉල්ලා  සිටිනවා  යනුවෙන්  පුන  පුනා  පවසමින්  උපහාසයට  ලක්  කිරීම  බාල  වෑයමකි .
නිදහස්  වෙළදාම  සම්පුර්ණයෙන්  නිදහස්  කොට  රාජ්‍ය  නියාමනය  සම්පුරණයෙන්  නැවැත්වුවහොත්  මත්ද්‍රවය  ව්‍යාපාරිකයින් කුඩා  ළමයින්ට  හෙරොයින්  විකිණීම  හෝ  පොර්නෝ  වීඩියෝ  ව්‍යාපාර  ළමා  ලිංගික  වීඩියෝ  නිපදවීම  වුව  වැළක්විය නොහැකි  වනු  ඇත . සිහිබුද්ධියක්  ඇති  කිසිවකු  එවන්නි  අරාජික  නිදහස්   වෙළද පොලක්  බලා  පොරොත්තු  නොවේ.
එලෙසම  දැඩි  මුලධර්ම වාදීන්  අතලොස්සක්  හැරුණු  කොට  ලොව  සියලු  දෙනාම පාගේ  රාජ්‍යය  අපේ  හැම  පුද්ගලික  මගුලටම  ඇගිලිගැසීම්  ඉවසන්නේ නැත . රජය  නියාමනය  කෙතරම්  දුරකට  අපේ නිදහස්  නිවහල්  භාවය  තුලට  මැදිහත්  විය  යුතුද  යන්නට   සීමාවක්  තිබිය  යුතු  බව  පිළිගනිති . නිවසකට   මසකට  මිලදී  ගත  හැකි  හාල්  කිලෝ  ගණන  සිමා  කිරීම , ඔබ  පාවිච්චියට  ගත  යුත්තේ  අඟල්  32 ට  අඩු  රුපවාහිනියක්  නැත්නම්  අහවල්  සංගීතය  සවන්  දීම  තහනම්  වැනි  විකාර  සහගත  දුරකට  රාජය  අපේ  ජිවිත  තුලට  මැදිහත්  වීම  කිසිවකු  අගය  කරනු  ඇතැයි  මම  නොසිතමි .
රජයේ  මැදිහත්  වීම් වලට  සීමාවක්  තිබිය  යුතුය  යන්න මෙන්ම  යම්  තරමකට  නියාමනය සියල්ලටම  යුක්ති සහගත  සේ  ක්‍රියාත්මක කිරීම  ප්‍රායෝගික  අවශ්‍යතාවයකි .
දැන්  ගැටලුව  ඇත්තේ මේ  යම්සි  තරමක  මැදිහත් වීම  සහ  ඕනවට  වඩා  මැදිහත්  වීම අතර  සිමා  ඉර  අඳින්නේ  කොතනද  ,කවුද සහ කොහොමද   යන්නයි.
ඕනවට  වඩා  මැදිහත්  වීම යන  ලක්ෂය  පිලිබඳ  පොදු  එකඟතාවයක් අපිට  තවම  නැත  මේ  ලක්ෂය  එකිනෙකාට  අතිශය  පුද්ගලික  ලෙස වෙනස්  වෙයි.
ඇබ්බැහි  වී  වස  විස  වී  මියයාම පවා  සිදුවිය  හැකි  නිසා  හෙරොයින්  විකිණීම තහනම්  වීම තව  දුරටත්  දිගු  කර දියවැඩියාව  හැදෙන නිසා  ආණ්ඩුව සීනි  තහනම්  කල  යුතුද ?
රජයේ  ඕනෑවට  වඩා  නියාමනයගැන පොදු  එකඟතාවයකට  ඒමට  නොහැකි  වීමේ  ප්‍රායෝගික  ගැටලුව  අපි  විසඳාගත  යුත්තේ  කෙසේද? මේ  අද  පවතින  ලෝකයා  විසදුම  සොයමින්  යන  ලෝක   ගැටලුවකි.
මිට  වෙනස්ව  (පිට   රට  වල  ගොස්  සිටින  මොඩ්  ගොවියන්ද  ඇතුළුව  )ස්වපිඩක නිදහස්  නිවහල්  බව  නොඅගයන   ලාංකියින්ගේ   ගැටලුව  රජය  ඕනෑවට  වඩා  නිදහස  දී  තහනම  ඉවත්  කරාවිද  යන  බියයි. ඔවුන්  ආණ්ඩුවෙන්  ඉල්ලා  සිටින්නේ  සියලු  දෙය  තහනම්  කර  මාව  මගෙන්  සහ  අල්ලපු  ගෙදර  එකාගෙන්  බේරා  දෙන්න  කියාය.